Friday, September 20, 2024

General line - 0115112241

තවත් මාස කිහිපයක් එලොව පොල් පෙනෙයි




ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික ආහාර රටාවේ ප්‍රධාන අංගයක් වන පොල් මේ දිනවල කැපීපෙනෙන ලෙස මිල වැඩි වී තිඛෙනවා.

හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණ සහ පුහුණු ආයතනය පැවසුවේ මෙම වැඩි මිල ගණන් තවත් මාස කිිහිපයක් පැවතිය හැකි බවයි.

එහි අලෙවි ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ප්‍රධානි දුමින්ද ප්‍රියදර්ශන පැවසුවේ සෑම වසරකම මුල් මාස කිහිපයේදී පොල් සැපයුම ඉතා අවම මට්ටමක පවතින බවයි.

පොල් ආශ්‍රිත අතුරු නිෂ්පාදනවල මිල ද මේ වන විට කැපීපෙනෙන ලෙස වැඩි වී තිඛෙනවා.

පොල්තෙල් මිල ද ඒ අනුව වැඩි වී තිඛෙන බවයි හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණ සහ පුහුණු ආයතනය පැවසුවේ.