Friday, September 20, 2024

General line - 0115112241

තාජුඩීන් ත්‍රිකුණාමලයට




“තාජුඩීන් ” නැමති බංගලාදේශ වෙරළාරක්ෂක බළකායට අයත් නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වී තිබෙනවා.

සුහද සංචාරයක් සඳහා පැමිණි එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සුහදව පිළිගන්නා ලද බව නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

එහි අණදෙන නිලධාරී කපිතාන් මොහොමඩ් හසන් තාරික් නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා හමුවී සුහද කතාබහක නිරත වුණා.

එහිදී මෙම නිල හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරනු ලැබුවා.

දෙරටේ ද්විපාර්ශ්වීය මිත්‍රත්වය වර්ධනය කර ගැනිමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද විවිධ වැඩසටහන් කිහිපයකටද මෙහි කාර්යය මණ්ඩල සහභාගී වීමට නියමිතව තිබුණා.

4 5 6 11 31