Friday, September 20, 2024

General line - 0115112241

“විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් පොරොන්දු දුන්නේ මෛත්‍රී ” ඇමති තලතා




ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් පොරොන්දු ලබා දුන්නේ ‘මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්’ තුලින් බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ  පවසනවා.

ශ්‍රමික සුරැකුම ජංගම සේවය වැඩසටහන යටතේ තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

එම ප්‍රතිපත්ති මාලාවේ විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් යෝජනා 3ක් ඉදිරිපත් කරන ලද බවයි ඇය පවසන්නේ.

එයින් යෝජනා දෙකක්ම මේ වන විට ඉටු කර දීමේ හැකියාව ලැබීම සම්බන්ධව තමන් සතුටු වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පෙන්වා දෙනවා.

විගමණික පවුල් වල සුරක්ෂිතාවය, විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක්, විගමණික ශ්‍රමිකයින්ගේ අනේවාසික ගිණුම් වලට 2.5% ක පොලියක් එකතු කිරීම යන යෝජනා එම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුලත් වුණා.

ජනාධිපතිතුමන්ගේ ප්‍රථම පදිවි ප්‍රාප්තිය මුල් කර ගනිමින් ශ්‍රමික සුරැකුම වැඩසටහන ක්‍රියාත්මක ක කළ බවත්, ඒ හරහා මේ වන විට විගමණික පවුල් වල සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්ත සංවර්ධන නිළධාරීන්ට එම වගකීම පවරා ඇති බවත් අමාත්‍යවරිය පෙන්වා දෙනවා.

විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් ලබා දීමට පොරොන්දු වූ විශ්‍රාම වැටුප් ක්‍රමය මේ වසර ඇතුලත ලබා දීමට කටයුතු කරන බවත් තලතා අතුකෝරළ මහත්මිය පවසනවා.

a b