Friday, September 20, 2024

General line - 0115112241

“70 ඌවට ඕනෑ” – මහඇමති දැන්ම නිදහස ඉල්ලයි




69 වැනි නිදහස් සමරු ඌව පළාත් ප්‍රධාන උත්සවය ද අද පෙරවරුවේ පැවැත්වුණා.

ඒ ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ ප්‍රධානත්වයෙන්.

බදුල්ල වින්සන්ට් ඩයස් ක්රී ඩාංගනයේදී මෙය පැවැත්වුණා.

බ්‍රිතාන්‍ය රජය විසින් රජද්‍රෝහීන් ලෙස නම්කර තිබු ජාතික වීරයන් 19 දෙනා ජාතික වීරයන් ලෙස නම් කරමින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ ගැසට් නි‍වේදනය බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා විසින් මෙහිදී ඉදිරිපත් කළා.

1818 විමුක්ති අරගලයේ මරණයට පත්වු වීරයන්ගේ පරම්පරාවලයට අයත් ඥාතින්ද විශේෂ ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට එක්වුණා.

මෙහිදී ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සඳහන් කළේ 70 වන නිදහස් සැමරුම ඌවේ පැවැත්විය යුතු බවයි.