Friday, September 20, 2024

General line - 0115112241

නිදහස් දින සැමරුමට යාපනයේ විරෝධය (PHOTOS)




නිදහස් දින සැමරුමට විරෝධය පල කරමින් දෙමළ ජාතික සන්ධානය යාපනය නගරයේ දී අද විරෝධතාවක නිරත වුණා.

නගරයේ ස්ථාන කිහිපයක කළු කොඩි ද ඔසවා තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මීට උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් සහ පළාත් සභා මන්ත්‍රී ආනන්දි ශෂිධරන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සහ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නැයි බල කරමින් මෙම විරෝධතාව සංවිධාන කළ බවයි පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් පැවසුවේ.

unnamed (21) unnamed (22) unnamed (24) unnamed (25) unnamed (26) unnamed (27) unnamed (28)