Friday, September 20, 2024

General line - 0115112241

වනාතේ කුඩු රොෂාන්ව කපා කොටා ඝාතනය කරයි




මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු බව කියන ‘‘ වනාතේ කුඩු රොෂාන්’’ හෙවත් චාමර සඳරුවන් නමැත්තා කපාකොටා ඝාතනය කර තිබෙනවා.

ඒ, බොරැල්ල එම්.එච්. මොහොමඞ් ක‍්‍රීඩාංගණය ආසන්නයේදීයි.  වනාතේ කුඩු රොෂාන් නමැති මොහු අද (05) උදෑසන ක‍්‍රීඩාංගණය දෙසට යමින් සිටිය දී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ කඩුවකින් පහරදී මෙම ඝාතනය       සිදු කර පලා ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානයේ අපරාධ අංශය වැඩිදුර විමර්ශන මෙහෙයවන බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.

මත්කුඩු ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප‍්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවටයි දැනට විශ්වාස කෙරෙන්නේ.

16558533_748558785293031_96979306_n 16521513_748558781959698_2121863662_n