Friday, September 20, 2024

General line - 0115112241

තරුණියන් පැහැර ගන්නා ජාවාරමක් හෙළිවෙයි




තරුණියක් පැහැර ගෙන ගිය කණ්ඩායමක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මොණරාගල බඩල්කුඹුර ප‍්‍රදේශයේදී අදාළ තරුණිය පැහැර ගැනීමට ලක්ව තිබෙනවා.

පොලිසිය පැවසූවේ මොණරාගල සහ ඒ අවට ප‍්‍රදේශවල මුද්‍රණාල පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයෙකුගේ සමීපතමයන් විසින් මෙම පැහැරගෙන යාම සිදු කර ඇති බවයි.

තරුණිය පැහැරගෙන ගිය බව කියන පුද්ගලයන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැණුනා.

මොවුන් තරුණියන් පැහැරගෙන ගොස් කොළඹ ප‍්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානවල සේවය සඳහා යොදවන බවද අනාවරණ වී තිබෙනවා.