Friday, September 20, 2024

General line - 0115112241

ඕනම වෙලාවක යන්න මම සූදානම්! ඉන්නකම් හරියට වැඩ කරනවා!




තමන්  ඕනෑම අවස්ථාවක ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව විගණකාධිපති ගාමිණි විජේසිංහ පවසනවා. ඇතැම් අමාත්‍යවරුන් තමාගේ කටයුතු සම්බන්ධයෙන් සිදු කරන ප‍්‍රකාශ පිළිබඳව එතරම් සැලකිල්ලක් දැක්විය යුතු නැති බවද ඔහු කියා සිටියා. තම ධුරය පාර්ලිමේන්තුවට වගකියන ධුරයක් බැවින් තමා කටයුතු කරන්නේ එහි වගකීම හොඳින් හැඳිනගෙන බවයි විගණකාධිපතිවරයා අවධාරණය කළේ. ඔහු මේ බව කියා සිටියේ නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.

තමාගේ ධුරය පිළිබඳ ගැටලූවක් ඇත්නම් එ් පිළිබඳව තීරණයක් ගත යුත්තේ පත්වීම් බලධාරියා විසින් බවයි විගණකාධිපතිවරයා මෙහිදි කියා සිටියේ.

තවත් වසර දෙකක් තමාට විගණාකාධිපති ධුරයේ කටයුතු කළ හැකි බවත් එම කාලය තුළ අවංකව සේවය කිරීමට සූදානම් බවත්, මෙහිදී ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.