Friday, September 20, 2024

General line - 0115112241

ඇමති රංජන්ට හතරවටින් දොස්…




දිවුලපිටිය අකරගම ප‍්‍රදේශයේ සිදුවූ බව කියන පස්කැපීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඇති වූ සිද්ධියකදී නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක හැසිරුණූ ආකාරය පිළිබඳව අද (05) දිනයේද මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. ජාතික නිදහස් පෙරමුණ කැඳවූ මාධ්‍ය හමුවට එක්වූ එහි මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් උගතුන් නොවන්නන්ට උගතුන්ගේ වටිනාකමක් නොතේරෙන බවය.

ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමයද සිය ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ දැනුම්දීමට අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ එහිදී අදහස් දැක්වූ එම සංගමයේ ලේකම් රංජිත් ආරියරත්න පැවසූවේ වෘත්තීය සමිති රැසක්ම මේ සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව පවසා ඇති බවය.

මෙම සිද්ධීය පාදක කර ගනිමින් දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරිය නීතිමය කි‍්‍රයාමාර්ගයකට අවතීර්ණ වන්නේ නම් ඊට පූර්ණ සහාය ලබාදෙන බවයි ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමය මෙහිදී ප‍්‍රකාශ කළේ.