Friday, September 20, 2024

General line - 0115112241

බඩු මිල ගැන කතා දෙකක්




දිනෙන් දින ඉහළ යන ජීවන වියදම පිළිබඳ ගැටලූව වෙනතකට යොමු කිරීම සඳහා ආණ්ඩුව විවිධ පුවත් මවමින් ඇතැයි පොදුජන පෙරමුණ පවසනවා. එහි පාලක ලේකම් රේණුක පෙරේරා බිල්පතක් ඉදිරිපත්කරමින් පැවසුවේ දරාගත නොහැකි තරමට බඩු මිල ඉහළ ගොස් ඇති බවය. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අද වන විට කැපී පෙනෙන ලෙස අඩුවී ඇතැයි මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.