Friday, September 20, 2024

General line - 0115112241

උඩ මළුවේ SIට බසවක්කුළමේදී ප්‍ර‍හාරයක්




අනුරාධපුර පූජා නගරයේ බසවක්කුලම වැව ආසන්නයේදී පුද්ගලයින් තිදෙනෙකු විසින් උප පොලිස් පරීක්ෂකවරයෙකුට පහරදීමක් සිදු කර තිබෙනවා. අනතුරක් සිදු වූ අවස්ථාවේදී එ් පිළිබඳව සොයා බැලීමට පැමිණි අවස්ථාවේ ති‍්‍රරෝද රථයේ සිටි රියදුරා සහ තවත් දෙදෙනෙකු මෙම පහරදීම සිදුකර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

උප පොලිස් පරීක්ෂකවරයාට පොල්ලකින්ද පහරදී තිබෙනවා. පසුව ති‍්‍රරෝද රථයද දමා සැකකරුවන් පලාගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ උඩමළුව පොලීසියට අනුයුක්තව රුවන්වැලිසෑය මුරපොළේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක්. ඔහු ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන කි‍්‍රයාත්මකයි.