එල් ටී ටී ඊ සංවිධානය වළ දැමූ බව කියන රත්රන් සෙවීමට යොදාගන්නා රුපියල් ලකෂ 40 ක් පමණ වටිනා විශේෂිත වූ ස්කෑනර් යන්ත්‍රයක් සමග සැකකරුවන් සිව් දෙනෙකුද වව්නියාවේදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
පොලීසිය පැවසුවේ අඩි 25 ක් පමණ ගැඹුරු ස්ථානයක වුවද පවතින ඝන ද්‍රව්‍ය පිළිබද මෙම යන්ත්‍රය මගින් තොරතුරු ලබාගත හැකි බවයි.
ඔවුන් මෙම යන්ත්‍රය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබුණා.
මේ අතර රහස් පොලීසියේ යැයි පවසා වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ සොරකමේ ගිය කල්ලියක් පිළිබද පොලීසිය පරීකෂණයක් ආරම්භ කර තිඛෙනවා.
සිද්ධියට සම්බන්ධ බව කියන තිදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. ඔවුන් රුපියල් ලකෂ 10 කට ආසන්න වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ මුදල් සොරගෙන ඇති බවටයි මූලික පරීකෂණවලදි අනාවරණ වී ඇත්තේ.