Saturday, September 21, 2024

General line - 0115112241

ජනපති ශ්‍රීලනිප ආසන සංවිධායකවරු කැඳවයි - ඒකාබද්ධ විපක්ෂයටත් ආරාධනා




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූ ආසන සංවිධායකවරුන් ජනාධිපතිවරයා විසින් රැස්වීමක් සඳහා කැඳවා තිඛෙනවා. 

ලබන මාර්තු මස 2 වෙනිදා කොළඹ පදනම් ආයතනයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුර දරන ඒකාබද්ධ විපක්ෂයේ මහජන නියෝජිතයින්ට ද  මෙම රැස්වීම සදහා ආරාධනා කර ඇති බවයි දේශපාලන ආරංචි කියා සිටියේ. 

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක‍ෂ ආසන සංවිධායකවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් කොළඹ ජනාධිපති මන්දිරයේදී අද පැවැත්වෙනවා. 

වත්මන් දේශපාලන තත්ත්වය මෙන්ම සයිටම් අර්බුයදය පිළිබදවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.