Saturday, September 21, 2024

General line - 0115112241

ඇමරිකාවේ මන්ත්‍රී මණ්ඩල නියෝජිතයින් පිරිසක් කෝප් කමිටුව හමුවීමට සැරසෙයි (PHOTOS)




ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඇමරිකානු එක්සත් ජනපදයේ මන්ත්‍රී මණ්ඩල නියෝජිත පිරිස අද දිනයේ කෝප් කමිටුවේ සාමාජිකයින් හමුවීමට නියමිතව තිඛෙනවා. 

ඊයේ දිනයේ ඔවුන් ජනාධිපතිවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනමාධ්‍ය අමාත්‍යවරයා, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවී ඇති බවයි දේශපාලන ආරංචි කියා සිටියේ. 

ඊට අමතරව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ චන්ද්‍රානි බණ්ඩාර යන අමාත්‍යවරියන් සමග ද මෙම නියෝජිත පිරිස සාකච්ඡා කර තිඛෙනවා. 

ඔවුන් පාර්ලිමේන්තු මහලේකම්වරයාද හමුවී ඇති බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් කියා සිටියේ. 

මෙම නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා සමග සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු ජනතාවගේ උණුසුම් සුබපැතුම් ශ්‍රී ලංකාවට පිරිනමන බවයි. 

දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බවද ඔවුන් ප්‍රකාශ කර තිඛෙනවා.