Saturday, September 21, 2024

General line - 0115112241

පාසල් වල ආපනශාලා ගැන ප්‍රමිති ආයතනයෙන් බය හිතෙන කතාවක්!




පාසල් වල ආපනශාලා නිසි ප්‍රමිතියට නොමැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසනවා. 

ජී.එම්.පී. සහතිකය හෙවත් යහපත් නිපැයුම් පරිචයන් සදහා වන කාර්යාවලි සහතිකය සදහා ද මෙතෙක් කිසිදු පාසල් ආපනශාලාවක් අයදුම් කර නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

ජී.එම්.පී. සහතිකය මෙම වසරේ ජනවාරි පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි හඳුන්වා දී ඇති එකක්. 

මෙම සහතිකය නොමැතිව ආහාරපාන සැපයීම, සැකසූ ආහාර පාන සැපයීම හෝ වැනි වෙනත් ව්‍යාපාරවල නිරත නොවිය යුතු බවට ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිඛෙනවා. 

කෙසේ වෙතත් වෙනත් ආහාර සැපයුම්කරුවන් බොහෝ දෙනෙකු ද තවමත් ජී.එම්.පී. සහතිකය ලබාගෙන නොමැති බවයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වැඩිදුරටත් කියා සිටියේ.