Saturday, September 21, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයකට සූදානම් වෙයි!




මෙවර මැයි දිනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලූමුවදොර පිටියේදී සැමරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිඛෙනවා. 

ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත්තේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදීයි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අදාළ සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සහභාගි වී තිඛෙනවා. 

මැයි දිනය සැමරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම කඩිනමින් ආරම්භ කිරීමට ද මෙහිදී තීරණය වී ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ. 

ඒ සදහා ගාලූමුවදොර පිටිය දැනටමත් වෙන්කරගෙන ඇතැයි ද මෙහිදී ප්‍රකාශ වී තිඛෙනවා. 

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ද ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

 පළාත් පාලන ආයතන විසුරුවා හැරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආරම්භ කර ලබන මාර්තු මස 17 වෙනිදාට වසර 2ක් ගතවන බවත් විරෝධතා ව්‍යාපාරය එදින සිට ආරම්භ කළ යුතු බවත් මෙහිදී ප්‍රකාශ වී තිඛෙනවා. 

එහි එක් පියවරක් ලෙස අත්සන් ලක්ෂ 58ක් ලබාගැනීමට ද කටයුතු කිරීමටයි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කර ඇත්තේ.