Saturday, September 21, 2024

General line - 0115112241

දිනෙන් දින ඇමරිකානු ඩොලරය ඉහළ යන්නේ ඇයි?




ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ මේ වනවිට රුපියල් 153.44 දක්වා ඉහළ ගොස් තිබේ. 

මෙම අගය අමෙරිකානු ඩොලරයේ මෙතෙක් වාර්තා වූ වැඩිම අගය ලෙසයි සැලකෙන්නේ. 

ඉකුත් දෙසැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 152 ක ඉක්මවා පැවතිණ.

මෙලෙස දිනෙන් දින අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යන්නේ ඇයි?  ඊට හේතු දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික ආර්ථීක විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, ආචාර්ය ජනක් කුමාරසිංහ පැවසුවේ ඩොලර් සැපයුමේ ඇති පහත වැටීම මීට ප්‍රධාන හේතුව වී ඇති බවයි.අපනයන ඉහළ දැමීම හා විදෙස් සෘජු ආයෝජන ගෙන්වා ගැනීම මෙම තත්වය පහව යෑමට සිදුකළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අමෙරිකානු ඩොලරයේ අගය ඉහළයාම නිසා විදෙස් රටවලින් ගෙන්වන භාණ්ඩවල මිළද සීග්‍ර ලෙස ඉහළ යන බවද මෙහිදී ප්‍රකාශ විණි.

එම තත්ත්වය මගහරවා ගැනීමට ශක්තිමත් දේශීය නිෂ්පාදන ආර්ථීකයක් ගොඩනැගීම ඉතා වැදගත් බව කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රේමා පොඩිමැණිකේ සදහන් කළාය.