Saturday, September 21, 2024

General line - 0115112241

නවකවදය ගැන ජනපති කතා කරයි




මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ 75 වැනි සංවත්සර උත්සවය එම විද්‍යාලයේදී අද (22) පැවැත් වුණා.

ඒ සඳහා සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ විශ්ව විද්‍යාලවල නවකවදය සිදු කිරීම දැඩි අමානුෂික ක්‍රියාවක් බවයි.

පසුගියදා පේරාදෙණිය සරසවි දෙවන වසරේ සිසුන් පිරිසක් විසින් නිවසක් තුළදී පළමු වසරේ සිසුන් පිරිසකට නවකවදය දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ එවැනි සිදුවීම් රජයක් ලෙස දැඩිව හෙළා දකින බවයි.

එම සිද්ධියට සම්බන්ධ පිරිසට එරෙහිව කටයුතු කරන ලෙසට විශ්ව විද්‍යාල පාලනාධිකාරියට සහ පොලිස්පතිතුමාට නියෝග කළ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.