Saturday, September 21, 2024

General line - 0115112241

සැමියා වෙනුවෙන් බිරිඳ නඩුව අත් නොහරියි




යාපනය දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් නිදොස්කොට නිදහස් කළ පස්දෙනාට හා නීතිපතිවරයාට අභියාචනාධිකරණය අද (22) නොතීසි නිකුත් කළා.

ඒ නඩරාජා රවිරාජ් හිටපු මන්ත‍්‍රීවරයාගේ බිරිඳ ගොනුකළ ප‍්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීයි.

අදාළ පෙත්සම මගින් ඇය ඉල්ලා ඇත්තේ අදාළ නඩුවෙන් නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් තිදෙනා ඇතුළු පස්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය දුන් තීන්දුව ඉවත දමන ලෙසයි.

නිදොස් කළ පුද්ගලයින්ට එරෙහිව චෝදනා ගොනුකර ඇත්තේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බැවින් එම නඩුව ජූරි සභාවක් ඉදිරියේ විමසීමට මහාධිකරණය ගත් තීරණය ද ප‍්‍රතිශෝධනය කරන ලෙසටයි එමගින් තවදුරටත් ඉල්ලා ඇත්තේ.  

කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ විශේෂ ජූරි සභාව ඉකුත් දෙසැම්බර් 24 වෙනිදා ඒකමතිකව තීරණය කළේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කිරීමටයි. 

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් සහ ඔහුගේ රියදුරා නාරාහේන්පිට ප‍්‍රදේශයේදී 2006 වසරේදී ඝාතනයට ලක්වුණා.