Saturday, September 21, 2024

General line - 0115112241

කන්තලේදී දෙපිරිසක් ගැටෙයි




කන්තලේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (22) පැවති විරෝධතාවක් අතරතුර හටගත් ගැටුමකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම විරෝධතාවට සහභාගි වී සිටියේ කන්තලේ වැව ආශ‍්‍රිත මිරිදිය ධීවර කර්මාන්තයේ නිරත වන ධීවරයින් පිරිසක්. සිය කර්මාන්තය සඳහා විසිදැල් භාවිතයට අවසර ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වුණා. 

මාර්ගය අවහිර කරමින් ධීවරයින් පිරිස විරෝධතාවයේ නිරත වූ අතර මාර්ගයේ ගමන්ගත් පිරිසක් සහ ඔවුන් අතර බහින්බස්වීමක් හටගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වුණා. දෙපාර්ශ්වය මාර්ගයේ දෙපස සිට ගල් ප‍්‍රහාර එල්ල කරගත් බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. පසුව පොලිසිය මැදිහත්වීමෙන් තත්ත්වය පාලනය කෙරුණා.