Saturday, September 21, 2024

General line - 0115112241

හිස්වැසුම් නැතිව පොලිසියට වැඩ දැමූ අයියටයි මල්ලිටයි වෙඩි




දිගන නගරයේදී පොලිස් නිලධාරියකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කළ අයෙකුට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.

ආරක්ෂක හිස් වැසුම් නොමැතිව යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකුට නතර කිරීමට සංඥා කළ අවස්ථාවේ අණ නොතකා ධාවනය කර ඉදිරියෙන් සිටි නිලධාරියාගේ පැති අවිය උදුරා ගැනීමට සැකකරුවන් තැත්කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී අනෙක් නිලධාරියා විසින් සැකකරුට වෙඩි තබා තිබෙනවා. අනතුරුව ඔවුන් පළාගොස් තෙල්දෙණිය රෝහලට ඇතුලත්ව ඇතැයි සඳහන්.

මෙම සැකකරුවන් දෙදෙනා සහෝදරයන් වන අතර ප්‍රදේශයේ සිදුවු මංකොල්ලකෑම්, සොරකම් සහ මත්ද්‍රව්‍ය වැරදිවලට අවශ්‍ය කළ දෙදෙනෙකු බවයි පොලිසිය නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ.

එමෙන්ම ඉන් එක් සැකකරුවෙකුට නිවාස බිඳ දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් තෙල්දෙණිය අධිකරණයේ විභාග වන නඩුවක තීන්දුව ලබන මස 27 වැනිදා ලබාදීමට නියමිතයි.