Saturday, September 21, 2024

General line - 0115112241

සබරගමුව කුලපති හිමි ගමන් කළ රිය අනතුරක...




මහනුවර පහළ කඩුගන්නාව 97වන කණුව අසලදී සිදුවූ රිය අනතුරකින් හිමිවරුන් තුන්නමක් තුවාල ලබා තිබෙනවා. අනතුර සිදුවූයේ හිමිවරුන් ගමන්ගත් ජීප් රථයක් පෙරළී යාමෙන්. මෙම ජිප් රථයේ සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමියන් ද සිටි බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

උන්වහන්සේ ද තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. සෙසු හිමිවරුන් දෙදෙනා ද මේ වන විට ප‍්‍රතිකාර ලබන්නේ මාවනැල්ල රෝහලේයි.  නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මහනුවරට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.