Monday, December 23, 2024

General line - 0115112241

හොරෙන් ආ ෆුල්ෆේස් තහනමට එරෙහිව නඩුවක්




යතුරුපැදි හිස්වැසුම් සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය හරහා සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය හෙවත් ෆුල්ෆේස් හෙල්මට් භාවිතයට තහනමක් පැනවී ඇතැයි යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසනවා. 

සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ලේකම් හිරන්ත අමරසිංහ සඳහන් කළේ වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඇති කිසිදු ෆුල්ෆේස් හෙල්මටයක් සදහා ප්‍රමිති සහතිකයක් නොමැති බවයි. 

නව ගැසට් නිවේදනයට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි ඔහු කියා සිටියේ. 

යතුරුපැදි හිස්වැසුම් සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනයක් ඉකුත් දා ප්‍රකාශයට පත්කළා. 

ඒ, නිර්ණායක 10ක් ද ඇතුළුවයි. 

ඊට ඇතුළත් එක් ක්‍රියාමාර්ගයක් වන්නේ ‍‘ආරක්ෂිත හිස් වැසුමක්, එය පැළදි විට එහි කිසිදු කොටසකින්, දිගුවකින් හෝ සම්බන්ධිතයකින් එය පැළද සිටින තැනැත්තාගේ මුහුණේ කිසිදු කොටසක් අපහැදිලි වීමක්, සැගවීමක් හෝ විකෘති වීමක් සිදුනොවිය යුතුය‘‘ යන්නයි.