Friday, September 20, 2024

General line - 0115112241

විමල්ට යන්න බාධාවක් නැහැ




එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින්ට කිසිදු බාධාවක් නොමැති බව සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ ඔවුන්ගේ ඉවත් වීම හරහා ජාතිවාදයෙන් තොර පිරිසිදු එක්සත් ජනතා නිදහස් සන්ධානයක් ගොඩනැගෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. 

සන්ධාන මහ ලේකම්වරයා මෙම අදහස් පල කළේ වව්නියාවේ අද (25) පැවති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබා දෙමින්.