Friday, September 20, 2024

General line - 0115112241

බැලුම්ගල හෙළිදරව්වෙන් උඩුගම විහාරස්ථානයක් යළි පිබිදෙයි




උඩුගම නෙරගල කන්ද නීග්‍රෝධ ලෙන ආරණ්‍ය සේනාසනයේ විශේෂ පිංකම් මාලාවක් ඊයේ (25) ආරම්භ වුණා.

අද (26) දිනයේ ද පිංකම් කිහිපයක් එම විහාරස්ථානයේ දී පැවැත්වෙනවා. 

උඩුගම නුගසෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානය ලෙස මීට පෙර හඳුන්වනු ලැබූ මෙම විහාරස්ථානයේ එකල සිදුවූ අකටයුතුකම් පිළිබඳ නෙත් එෆ්. එම්. බැලුම්ගල වැඩසටහන මගින් කරුණු අනාවරණ කෙරුණා.

එම අනාවරණයෙන් පසු එකල එම විහාරස්ථානය පාලනය කළ පිරිස් ඉවත්ව ගිය බවයි ප‍්‍රදේශවාසීන් සඳහන් කළේ. ගාල්ල නෙළුව සිංහලෙන ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දැරණියගල ජිනරතන නා හිමියන් නීග්‍රෝධ ලෙන ආරණ්‍ය සේනාසනයේ විහාරධිපති ධුරයට පත් කෙරුණේ ඒ අනුවයි. 

උන්වහන්සේගේ විහාරාධිපති ධුරයට පත්වීමත් සමග මෙම විහාරස්ථානය ශාසනික ප‍්‍රබෝධයට ඉවහල් වන ගමනක් යළි ආරම්භ කර ඇති බවද ප‍්‍රදේශවාසීන් පවසනවා.

විහාරස්ථානයේ සහ ප‍්‍රදේශවාසීන් අතර සබඳතා වර්ධනය කර ගනිමින් ඊයේ දින සිට අද දිනය දක්වා පිංකම් රැසක් සංවිධාන කෙරුණ බවද ඔවුන් ප‍්‍රකාශ කළා.