Friday, September 20, 2024

General line - 0115112241

ආදර්ශමත් වෙන්න - සරසවි සිසුන්ට ජනපති කියයි




අධ්‍යාපනය, සෞඛ්‍ය මෙන්ම අනෙකුත් සියලු ක්ෂේත‍්‍රවලින් රටේ සෑම දිස්ත‍්‍රික්කයක්ම සංවර්ධනය කරා රැගෙන යාම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අලුතින් ඉදි කෙරුණු පිහිනුම් තටාකය සිසු අයිතියට පවරාදීමේ උත්සවයට ඊයේ (25) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නවීකරණය කෙරුණු පැරණි පිහිනුම් තටාකය සහ නවීකරණය කරන ලද ක‍්‍රීඩාංගණය සිසු අයිතියට පැවරීම ද මෙහිදී සිදු වුණා. 

විශ්ව විද්‍යාලයට පිවිසෙන සිසුන්ට නිදහසින් හා සතුටින් යුතුව අධ්‍යාපනය ලැබිය හැකි පරිසරයක් ගොඩනගා දීමට රජයේ විශේෂ අවධානයක් යොමුව ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

ආදර්ශමත් සිසු පරපුරක් ලෙස ක‍්‍රියා කරන ලෙස ද ජනාධිපතිවරයා විශ්ව විද්‍යාල සිසුන්ගෙන් මෙහිදී ඉල්ලා සිටියා.