Friday, September 20, 2024

General line - 0115112241

පාලමේ අලුත්වැඩියාව අවසන් - මුහුදුබඩ දුම්රිය ගමන් සාමාන්‍ය පරිදි




දෙහිවල සහ වැල්ලවත්ත අතර පාලමක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් සීමා කර තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ අද (26) අලුයම හතරේ සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවයි.

අදාළ පාලමෙහි අලුත්වැඩියා කටයුත්ත වෙනුවෙන් 23 වැනිදා රාතී‍්‍ර දහයේ සිට අද අලුයම දක්වා දුම්රිය ධාවනය සීමා කෙරුණා.

එහිදී ගාල්ල, මාතර සහ අළුත්ගම සිට පැමිණෙන දුම්රියන් ධාවනය කෙරුණේ් දෙහිවල දුම්රිය ස්ථානය දක්වා පමණයි.