Friday, September 20, 2024

General line - 0115112241

යළිත් දුම්රියට ගල් ගහයි




යාපනය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට ගල් ගැසූ පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (26) රාත‍්‍රියේ වව්නියාව මැදචෛත්‍යකුළම් ප‍්‍රදේශයේ දී සැකකරුවන් දුම්රියට ගල් ගසා ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් විසි හැවිරිදි වියේ පසුවන්නන් බව ද පොලිසිය පැවසුවා. ඔවුන් අද වව්නියාව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

මීට පෙරද අවස්ථා කිහිපයකදී විවිධ පිරිස් විසින් දුම්රියන්ට ගල් ගැසීමේ සිද්ධි වාර්තා වුණා.