Friday, September 20, 2024

General line - 0115112241

හාල් වෙළෙන්දෝ 1300 ක් දැලේ




වැඩි මිලට සහල් විකිණීම සහ පරිභෝජනයට නුසුදුසු සහල් විකිණූ වෙළෙන්දන් 1300 කට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසනවා.  

පාරිභෝගික සේවා අධිකාරිය පෙබරවාරී මාසය තුළ සිදු කළ වැටලීම් 1900 ක දී මෙම පිරිස හඳුනාගත් බවද අමාත්‍යවරයා සඳහන් කළා. ඔහු මේ බව කියා සිටියේ වව්නියාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

ආනයනික සහල්, දේශීය සහල් සමග මිශ‍්‍ර කර අලෙවි කරන වෙළෙන්දන්ට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. 

ඉකුත් සමයේ සහල් ආනයනය කිරීමට ආණ්ඩුව ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට ද රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රතිචාර දැක්වූවා. එහිදී ඔහු සඳහන් කළේ මෙවර රජයේ මුදල් වැය නොකර පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබා දුන් බවයි.