Tuesday, September 17, 2024

General line - 0115112241

පස් කන්ද කඩා වැටීමෙන් මියගිය ගණන ඉහළට (UPDATE)




මොරගහකන්ද   කළු ගඟ ව්‍යාපෘතියේ මාතලේ ලග්ගල ප්‍රදේශයේ වැඩබිමකට කළු ගලක් සහිත පස් කන්දක් කඩා වැටීමෙන් සිරවී සිටියදී මුදාගත්  අවසන් පුද්ගලයා මීට සුළු මොහොතකට පෙර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්  ගණන දෙකක්.

..........................................................................................

පස් කන්දට යටවී සිටි අවසන් පුද්ගලයාත් මුදා ගැනේ (UPDATE)

26-02-2017 17:07

මොරගහකන්ද   කළු ගඟ ව්‍යාපෘතියේ මාතලේ ලග්ගල ප්‍රදේශයේ වැඩබිමකට කළු ගලක් සහිත පස් කන්දක් කඩා වැටීමෙන් සිරවී සිටි අවසන් පුද්ගලයා ද ගලවා ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ පැය දහයක පමණ මෙහෙයුමකින් අනතුරුවයි.

එහිදී සිරවී සිටි තවත්   පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු අද පෙරවරුවේ මුදාගනු ලැබුවා.

එක් පුද්ගලයෙකු මෙහි දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

---------------------------------------------------------------------------------------

වැඩබිම වසා කඩා හැලුණු 'පස් කන්දට යටවූවන්ගේ' ඛේදවාචකය (PHOTOS)

26-02-2017 14:07

මොරගහකන්ද  කළු ගඟ ව්‍යාපෘතියේ මාතලේ ලග්ගල ප්‍රදේශයේ වැඩබිමකට කළු ගලක් සහිත පස් කන්දක් කඩා වැටීමෙන් සිරවී සිටින පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකයි.

එහිදී සිරවී සිටි  පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු මුදාගනු ලැබුවා.

එක් පුද්ගලයෙකු මෙහි දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.