Tuesday, September 17, 2024

General line - 0115112241

දැරණියගල බල්හැලගල රක්ෂිතයේ සිදු වූ මහාපරිමාණ දැව ජාවාරමක් වටලයි




දැරණියගල බල්හැලගල රක්ෂිතයේ සිදුවන මහාපරිමාණ දැව ජාවාරමක් පිළිබඳව නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා. 

සුන්දර පරිසර පද්ධතියකින් හෙබි මෙම රක්ෂිතයේ ශ‍්‍රී ලංකාවට ආවේණික ශාක පවා දැකිය හැකියි.

කෙසේ වෙතත්  සිදුවන දැව ජාවාරම හේතුවෙන් පරිසර පද්ධතිය විනාශ වී ඇති බවයි ප‍්‍රදේශවාසීන් කියා සිටියේ.

මේ වන විට රක්ෂිතයේ තිබූ දිය පහරවල් පවා සිඳී ගොස් ඇති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණා. 

රක්ෂිතයට අත්ව ඇති ඉරණම පිළිබඳ සොයා බැලීම සඳහා නෙත් නිවුස් කණ්ඩායමක් එහි ගියා. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් දැරණියගල ප‍්‍රාදේශීය ලේකම් එස්.පී. ගුණවර්ධනගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ තමාට මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලැබී නොමැති බවයි. එහෙත් සිදුවන වන විනාශය වහාම නතර කිරීම සඳහා පියවර ගන්නා බවයි දැරණියගල ප‍්‍රාදේශීය ලේකම්වරයා අවධාරණය කළේ.