Tuesday, September 17, 2024

General line - 0115112241

දිවයින පුරා වැඩබිම්වල සයිටම් එරෙහි කළුපටි විරෝධතා




මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අද දිනයේ වයඹ පළාත තුළ සංකේත වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

පළාත් මට්ටමින් තම සංගමය කි‍්‍රයාත්මක කරන වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයේ සිව්වන අදියර මෙය බවයි එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කි‍්‍රයාත්මක කරනු ලබන කළු පටි විරෝධතා දිනය ද අදයි. එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර ඒ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.

අන්තර් සමාගම් සේවක සංගමය ද පවසන්නේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ආයතන රැසක සේවකයින් මෙම කළු පටි විරෝධයට එක්වන බවයි.