Tuesday, September 17, 2024

General line - 0115112241

මාවතගම දී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කරයි




මාවතගම ගැට්ටුවාන ප‍්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඔහු මත්පැන් අලෙවිහලක හිමිකරුවෙක්. ඊයේ රාත‍්‍රියේ සිය නිවස බලා යද්දී එම ව්‍යාපාරිකයා මෙම වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි ප‍්‍රහාරය එල්ල කර තිබුණා. ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ. මෙම ව්‍යාපාරිකයා 65වන වියේ පසුවුණා.