Tuesday, September 17, 2024

General line - 0115112241

බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරයේ අංශ කිහිපයක් ගැන විශේෂ අවධානයක්




කළුතර මල්වත්ත ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැතවීම සඳහා පොලිස් කණ්ඩායම් 05 ක් පත්කර තිබෙනවා.

ඉන් පොලිස් කණ්ඩායම් 03 ක් කළුතර දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මව වනු ඇති.

අනෙක් පොලිස් කණ්ඩායම් දෙක කොළඹ අපරාධ කොට්ටාශයේ සහ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය යටතේ ක්‍රියාත්මක වනවා.

පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් මෙම සිද්ධිය වූ ආකාරය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ඒ අනුව වෙඩි තැබීම සඳහා සැකකරුවන් මාර්ගයේ රැඳී සිටි ස්ථානය, ඔවුන්ට ඒ සඳහා සහාය ලබාදුන් පුද්ගලයන් මෙන්ම බන්ධනාගාර බස් රථය පැමිණි මාර්ගය පිළිබඳවද විමර්ශන සිදු කෙරෙනු ඇති.