Tuesday, September 17, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය සූදානම්ලු




මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට සූදානම් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් අද (27) පෙරවරුවේ මහ බැංකු අධිපතිවරයා හමුවී රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක නිරත වුණා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා. 

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය පිළිබඳවද මන්ත‍්‍රීවරයා මෙහිදී අදහස් දැක්වුවා. 

එහිදී ඔහු පැවසුවේ "හිටපු ජනාධිපති සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිරපරාදේ මේ හොරකමට සම්බන්ධයි කියලා ගාවන්න අදාළ වන ලෙස ගැසට් පත්‍රය නිකුත් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ බලවත් විරෝධය අද මහබැංකු අධිපති වෙත කළ කළා. එතුමාත් බොහොම පැහැදිළිව කිව්වා මේ සිද්ධියට සම්බන්ධ ගැසට් නිවේදනයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කිසිඳු සම්බන්ධයක් නැහැයි කියලා." යනුවෙනි.