Tuesday, September 17, 2024

General line - 0115112241

සහල් වෙළඳුන්ට ජනපති අනතුරු අඟවයි




පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළඳුන් අත්අඩංගුවට ගන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත් අද (27) නියෝග කළා.

සහල් පාලන මිලට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළේ ඉකුත් 08 වැනිදායි.

කෙසේ වෙතත් සහල් පාලන මිල ඉක්මවමින් ඇතැම් වෙළඳුන් සහල් අළෙවි කරන බවටද පැමිණිලි ලැබී තිබෙනවා.

ඒ අනුවයි ජනාධිපතිවරයා පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් සිදු කරන ලෙස අදාළ අංශ වෙත නියෝග කර ඇත්තේ.