Tuesday, September 17, 2024

General line - 0115112241

පෙත්සමට අවසර




ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා කොට්ඨාසයේ නියෝජ්‍ය කළමණාකරු නලින් අපෝන්සුගේ මූලික අයිතිවාසිකම් කඩවුණු බවට චෝදනා කරමින් ඉදිරිපත්ව තිබු පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දි තිබෙනවා.

පසුගිය ක‍්‍රිකට් නිළවරණයන් පසු දිගින් දිගටම තමන්ගේ වෘත්තිය කටයුතු සිදු කරගෙන යාමේදි මුලික අයිතිවාසිකම් කඩවූ බව දක්වමින් ඔහු මෙම පෙත්සම ගොනු කර තිබුණා.

ඒ, වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා, වරාය අධිකාරියේ සභාපතිවරයා, වරාය අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින්.