Tuesday, September 17, 2024

General line - 0115112241

මීළඟ අගවිනිසුරු කවුදැයි තීරණය කරයි




ශ‍්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියසාද් ඩෙප් පත්කිරීම සුදුසු බව ව්‍යවස්ථාදායක සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ නිර්දේශය අද (28) දිනයේදී ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයා වෙත දැනුම් දෙනු ඇති.

මීළග අගවිනිසුරුවරයා පත් කිරීම සමබන්ධයෙන් සාකච්ඡා කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්විමක් ඊයේ (27) රාත‍්‍රියේ පැවැත්වුණා.

ඒ, කතානායක කරූ ජයසූරිය මහතාගේ නිළ නිවසේදිී. ඊට ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන සියලු සාමාජිකයන් එක්ව සිටි බවයි වාර්තා වුණේ.

මීළග අගවිනිසුරුවරයා ලෙස පත් කිරීම සඳහා කේ.ටී. චිත‍්‍රසිරි සහ ප‍්‍රියසාද් ඩෙප් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ නම් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමු කර තිබුණා. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියසාද් ඩෙප් පත්කිරීම සුදුසු බව ව්‍යවස්ථාදායක සභාව ඒකමතිකව තීරණය කරනු ලැබුවා. 

(ඡායාරූපය - ප්‍රියසාද් ඩෙප් වැඩ බලන අගවිනිසුරු ලෙස 2016 සැප්තැම්බර් 27 වැනි දා දිවුරුම් දුන් අවස්ථාව)