Tuesday, September 17, 2024

General line - 0115112241

"හොර හිතින් කළොත් හෙළි වෙනවා"




බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධයක් නොමැති බව ඔප්පු කිරීමට නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අධිකරණමය ක‍්‍රියාමාර්ගයකට එළඹිය හැකි බව මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසනවා.  

මුදල් අමාත්‍යංශයේ ඊයේ (27) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ "මේ ගැසට් පත්‍රය මුළු කෝප් වාර්තාවේ එක තැනකවත් නැහැ. ඇයි මේක යටපත් කරලා තිබ්බේ. මේ නිසා අපිට කියන්න පුළුවන් වෙලා තියෙනවා..අපේ කාලයේ මුකුත් වෙලා නැහැ කියලා. මහින්ද රාජපක්ෂ 2005 භාර ගත්තාම ඒ ආකාරයෙන් 2004 රේ කටයුතුත් පැවරිලා තියෙනවා. සාමාන්‍යයෙන් මුදල් ඇමතිවරයෙකුට වර්තමානයේ වැඩකටයුතු භාර ගන්න වෙනවා වගේම මීට පෙර වසරේ වැඩත් භාර ගන්න වෙනවා. දැන් මහින්ද රාජපක්ෂ කියනවා බැඳුම්කර වංචාව එයාගෙ ඇඟේ ගහන්න හදනවයි කියලා..ගහන්න ඔනේ නැහැ එතන තමයි තිබ්බේ. ඕක තමයි යමක් හොර විදිහට හොර හිතින් කළොත් ඕවා වැඩි කල් යන්න කළින් හෙළිදරව් වෙනවා කියන්නේ." යනුවෙනි.