Tuesday, September 17, 2024

General line - 0115112241

ආණ්ඩුවට රතන හිමිගෙන් අලුත් පාරක්




වත්මන් රජය නිවැරදි දිශාවකට යොමු කිරීමේ අරමුණින් සංවිධාන කෙරෙන ශ‍්‍රී ලංකා ජාතික මහ සභාවේ පළමු මහ සමුළුව කොළඹදී අද (28) පැවැත්වෙනවා.

ඒ, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන්.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කළේ තමන් විසින් මෙහිදී රට යා යුතු මග පිළිබඳ ප්‍රකාශනයක් සිදු කරන බවයි. වරාය, අධිවේගී මාර්ග, පෞද්ගලීකරණය, ඉඩම් ආදී කාරණා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති බවයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩි දුරටත් සඳහන් කළේ.

අද සවස 3.00 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වන්නැයි රටේ ජනතාවට විවෘත ආරාධනයක් සිදු කරන බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කළා.