Tuesday, September 17, 2024

General line - 0115112241

වෛද්‍යවරු අද මධ්‍යම පළාතේ සටන අරඹයි




මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මධ්‍යම පළාත් සියලු රෝහල් ආශ‍්‍රිතව අද (28) දිනයේදී වැඩ වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් සඳහන් කළේ මීට සමගාමීව මහනුවර නගරයේ පාගමනක්ද සංවිධානය කර ඇති බවයි. පසුව මහජන රැළියක්ද සංවිධානය කර ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

මෙම සාමකාමී විරෝධතාවලට රජය සංවේදී නොවන්නේ නම් ඉදිරියේදී විරෝධතා ප්‍රබල කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවා.