Tuesday, September 17, 2024

General line - 0115112241

දෙමළ ප්‍රගතිශීලි සන්ධානය රටපුරා බලය පතුරවයි




දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නියෝජිතයන් අද (28) මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය හමුවීමට නියමිතයි.

අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කළේ  තම සන්ධානය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමේ අරමුණින් මෙම හමුව පවත්වන බවයි. 

දෙමළ ජාතික සන්ධානය උතුර සහ නැගෙනහිර පළාතට පමණක් සිමා කර සෙසු සියලු පළාත්වලට දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානය බලය ව්‍යාප්ත කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

දමිළ ප්‍රගතිශීලි සන්ධානයට දෙමළ දේශපාලන පක්ෂ 03 ක් ඇතුළත්ව සිටිනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ සහ කඳුරට ජනතා පෙරමුණයි. මධ්‍යම, බස්නාහිර, ඌව සහ සබරගමුව ආදී පළාත්වල ජීවත් වෙන ලක්ෂ 16 ක් වූ දෙමළ ජනතාවගේ නියෝජතයා ලෙස මෙම දමිළ ප්‍රගතිශීලි සන්ධානය ඉදිරියේදී කටයුතු කරනු ඇති. රටපුරා ජීවත් වන ලක්ෂ 32 ක් වූ දමිළ ජනතාවට ඉදිරියේදී දේශපාලන නියෝජිතයා ලෙස මෙම සන්ධානය කටයුතු කරනු ඇති බවත් සඳහන් කෙරුණා.