Tuesday, September 17, 2024

General line - 0115112241

සයිටම් වෙඩි තැබීමේ මහමොළකරු අතුරුදහන්




මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප‍්‍රධාන විධායක නිලධාරී සමිර සේනාරත්නට වෙඩි තැබීමේ සිදධියට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින්. ඔහු සතුව තිබි මිලි මිටර් 09 වර්ගයේ පිස්තෝලයක්, උණ්ඩ දෙකක් සහ රිවෝල්වරයක්ද සොයා ගැණුනා.

වෙඩි තැබිම සඳහා සැකකරු පැමිණි බව  කියන යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 

අදාළ වෙබි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා විශේෂ බලකායේ හිටපු හමුදා බටයෙකුගෙන්ද පොලිස් නිලධාරින් ප‍්‍රශ්න කර තිබෙනවා.

ඔහු වෙනත් වරදක් සම්බන්ධයෙන් දැනටමත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නෙක්.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබිමේ සිද්ධිය සැළසුම් සහගත ක‍්‍රියාවක් බවටයි පොලිසිය මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

වෛදය සමිර සේනාරත්නට ජීවිත තර්ජන ඇති බව හුවා දැක්වීමේ අරමුණින් මෙය ව්‍යාජ ලෙස සැළසුම් කළ එකක් බව දැනට සිදු කෙරුණු විමර්ශන වලදි අනාවරණ වි ඇති බවත් හෙළිව තිබෙනවා.

සිද්ධිය සැළසුම් කළ බවට සැක කෙරෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු සහ පළාත් පාලන ආයතනයක රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වන විට විමර්ශන සිදු කරනවා. මෙම දෙදෙනා දින ගණනාවක පටන් අතුරුදහන්ව ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා වෛද්‍ය සමීර සේනාරත්න සමග සමීපව ආශ්‍රය කළ පුද්ගලයෙකු බවත් දෙදෙනා අතර යම් සම්බන්ධයක් ඇති බවත් සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.