Tuesday, September 17, 2024

General line - 0115112241

සැකකරුවන් අල්ලන්න පොලිසියට තවත් පොටක් පෑදෙයි




කළුතර මල්වත්ත ප‍්‍රදේශයේදී බන්ධනාගාර බස්රථයකට වෙඩිතැබීම සඳහා පැමිණි සැකකරුවන් පලාගිය බවට සැක කෙරෙන වෑන් රථය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ඇගිලි සළකුණු නිලධාරීන් ඒ පිළිබඳ විමර්ශණ මෙහෙයවන බවයි.

ඊයේ  (27) සොයාගත් කැබ් රථය සම්බන්ධයෙන් සහ අද (28) සොයාගත් මෙම වෑන් රථය සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් සිදුකරන බවද පොලීසිය පැවසුවා.

ඝාතනයට සම්බන්ද සැකකරුවන් කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවට ගෙන නැහැ.