Tuesday, September 17, 2024

General line - 0115112241

කණිෂ්ඨ සිසුන්ට ලිංගික හිරිහැර කර අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ සිසුන්




මහනුවර ප‍්‍රදේශයේ විද්‍යාලයක කණිෂ්ඨ සිසුන් පිරිසකට ලිංගික හිංසනයක් සිදු කළ බව කියන එම පාසලේම ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිසිය පැවසුවේ ශිෂ්‍ය භට  පුහුණුවක් අතරතුරදී මෙය සිදුව ඇති බවයි. 

අත්අඩංගුවට ගත් සිසුන් තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

ලිංගික හිංසනයට ලක්වූ දරුවන්ගේ දෙමව්පියන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර සිසුන් අත්අංඩගුවට ගැණුනා.