Tuesday, September 17, 2024

General line - 0115112241

බන්ධනාගාර රෝහලේ සියලූ වෛද්‍යවරුන්ට ස්ථාන මාරු!




බන්ධනාගාර රෝහලේ සියලූ වෛද්‍යවරුන්ට ස්ථාන මාරු ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා 2 ) අමල් හර්ෂ ද සිල්වාට උපදෙස් දී තිබෙනවා. 

ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයතන ප‍්‍රධානීන්ගේ රැස්වීමකදීයි. 

විවිධ වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන දේශපාලනඥයින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට එහි වෛද්‍යවරයෙකුගේ සහාය ලැබෙන බවට පැමිණිලි ලැබී තිබෙනවා. 

ඒ අනුව එම වෛද්‍යවරයාට ස්ථාන මාරුවක් ලබා දුන්නත් ඔහු තවමත් බන්ධනාගාර රෝහලේම සේවය කරන බවයි අදාළ රැස්වීමේදී අනාවරණ වී ඇත්තේ. 

බන්ධනාගාර රෝහලේ සියලූ වෛද්‍යවරුන්ට ස්ථාන මාරු ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ ඒ බවද සැලකිල්ලට ගනිමින්. 

පුරප්පාඩු සඳහා වෙනත් වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමට ද මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා. 

ස්ථාන මාරුවක් ලබා දී තිබියදීත් ඒ බව සැලකිල්ලට නොගත් වෛද්‍යවරයාට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගැනීමට ද නියමිතයි.