Tuesday, September 17, 2024

General line - 0115112241

ජනපතිට ඉතිහාසගත වීමේ අවස්ථාවක් ගැන වෛද්‍ය සංගමයෙන් ප්‍රකාශයක් 




සයිටම් ගැටලූවට කඩිනම් විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරි සති දෙක ඇතුළත සිය වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග තවදුරටත් දැඩි කරන කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා පෙන්වා දුන්නේ මෙම ගැටලූවට කඩිනම් විසඳුමක් ලබාදුන් හොත්  ඉතිහාසගත වීමට ද ජනාධිපතිවරයාට අවස්ථාවක් තිබෙන බවයි. කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා. 
 

සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් මධ්‍යම පළාතේ වෛද්‍යවරුන් අද (28)උදෑසන ආරම්භ කළ වැඩවර්ජනය හෙට උදෑසන 8.00 දක්වා දීර්ඝ කෙරුණ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර සයිටම් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා තවදුරටත් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පොලිසියෙන් ප‍්‍රශ්න කරනවා. 

කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී   එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර මේ බව ප්‍රශ්න කර සිටියා.