Tuesday, September 17, 2024

General line - 0115112241

අනතුරින් පසු මොරගහකන්ද කළු ගඟ  ව්‍යාපෘතිය නවතී 





මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ගල්කොරියක සිදුවූ හදිසි අනතුරින් මියගිය සේවකයින් දෙදෙනාට රුපියල් ලක්ෂ 15 බැගින් වන්දි ලබාදීමට ව්‍යාපෘති භාර චීන සමාගම සහතික වී තිබෙනවා. 

කම්කරු අමාත්‍යංශය පැවසුවේ මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස විෂය භාර අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග වෙත උපදෙස් ලබා දී ඇති බවයි. 

මේ අතර අනතුරෙන් පසු කළු ගඟ ව්‍යාපෘතියේ වැඩකටයුතු තාවකාලිකව නතර කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ඞී.පී. විජේරත්න පැවසුවා. 

අදාළ විමර්ශන විධිමත්ව සිදුකිරීම සඳහා අවස්ථාව ලබාදීමට එම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.