Tuesday, September 17, 2024

General line - 0115112241

බන්ධනාගාරයත් වගකිවයුතුයි - ඇමති සාගල 




බන්ධනාගාර බස් රථයකට කළුතරදී ඊයේ (28) සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ශ‍්‍රී ලංකා පොලිසිය යන ආයතන දෙකම වගකීම භාරගත යුතු බව නීතිය හා සාමය පිළිබඳ  අමාත්‍ය සාගල රත්නායක පවසනවා. 

බන්ධනාගාර දෙපාර්තමේන්තුව භාර අමාත්‍යවරයා ද කළ යුතුව ඇත්තේ මෙම වෙඩි තැබීමේ වගකීම ශ‍්‍රී ලංකා පොලිසිය වෙත පමණක් පැවරීම නොව අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමට කටයුතු කිරීම බවයි සාගල රත්නායක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. 

වගකීම් පැහැරහැර ඇති නිලධාරීන් ඇත්නම් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමටද වෙඩි තැබීමේ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කරන බව අමාත්‍ය සාගල රත්නායක කියා සිටියා. 

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් සිය කණගාටුව ද පළ කරන බවයි ඔහු නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ. 

මේ අතර අදාළ වෙඩි තැබීම සිදුකිරීම සඳහා සැකකරුවන් පැමිණි බව කියන වෑන් රථයේ හිමිකරු පොලිස් විමර්ශනවලදී හඳුනාගෙන තිබෙනවා. 

ඔහු ත‍්‍රිකුණාමලය කින්නියා ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් ආරංචි පවසන්නේ. 

අංගොඩ ලොක්කා සහ කඹුරුපිටියේ මධූෂ් යන දෙදෙනා මෙම වෙඩි තැබීමට සම්බන්ධ බවට ද සැක පළව තිබෙනවා.