Friday, September 20, 2024

General line - 0115112241

ඓතිහාසික ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි (UPDATE)




මව්බිමේ ස්වාධීනත්වය හා නිදහස උදෙසා අභීතව නැගී සිටිමින් ඓතිහාසික අරගලවලට පණ පෙවීම වරදක් සේ සලකා අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ අභීත පුත්‍රයන් අසූ දෙදෙනෙකු සැබෑ දේශප්‍රේමීන් ලෙස යළි වීරත්වයට පත් කිරීමේ නිල ගැසට් පත්‍රයට අද (01) පස්වරුවේ මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තැබුවා.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ මෙම ගැසට් පත්‍රයට අත්සන් තැබූ ජනාධිපතිතුමා මහා සංඝරත්නය සහ මැති ඇමතිවරු සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියා.

අනතුරුව දළදා මාළිගා පරිශ්‍රයේ ඇති වාරියපොළ ශ්‍රී  සුමංගල හිමියන්ගේ පිළිරුවට සහ කැප්පෙටිපොළ නිළමේතුමාගේ ස්මාරකයට ද ජනාධිපතිතුමා පුෂ්පෝපහාර දැක්වුවා.

මල්වතු, අස්ගිරි අනු නායක හිමිවරුන් ඇතුථ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, ලක්ෂ්මන් කිරිඇල්ල, එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. 
 










 

----------------------------------

ඌව වෙල්ලස්සේ දේශද්‍රෝහීන් අද සිට දේශපේ‍්‍රමීන් ලැයිස්තුවට

(01-03-2017 05:27)

 

1818 ඌව වෙල්ලස්ස ප‍්‍රථම නිදහස් අරගලයට දායක වීමේ හේතුව මත අධිරාජ්‍යවාදින් විිසින් රාජ්‍යද්‍රෝහීන් ලෙස නම් කළ හෙළ විරුවන් අසූඑක් දෙනෙකු දේශපේ‍්‍රමින් ලෙස ප‍්‍රකාශයට පත් කිරිමේ උත්සවය අද (01) පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදීයි. 

ඊට අදාළ නිල ගැසට් පත‍්‍රයටද ජනාධිපතිවරයා මෙහිදී අත්සන් තැබිමට නියමිතයි. 

මරණ ඳඩුවම නියම කෙරුණු වීර කැප්පෙටිපොළ මහාධිකාරම්, කිවුලේගෙදර මොහොට්ටාල සහ රටින් පිටුවහල් කළ  දෙමෝදර මොහොට්ටාල , පිලිමතලාවේ නිළමේ ඇතුළු 81 දෙනෙකු මෙහිදි දේශප්‍රෙමීන් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

උඩරට ගිවිසුම අත්සන් කර හෙටට වසර 202ක් සපිරීම නිමිත්තෙන් එම විරුවන්ට ගෞරවය පුද කිරිම මෙහි තවත් අරමුණක්. 

අධිකරණ අමාත්‍යංශය  පත් කළ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් විසින් අදාළ දේශපේ‍්‍රමින්ගේ නාම ලේඛනය සකස් කර තිබෙනවා.